බෝ වන රෝගී තත්ත්වයක වර්ධනයක් - මේ ගැනත් නිරන්තර අවධානයෙන් පසුවන්න.

Sri Lanka
By krishani Sep 25, 2023 04:53 PM GMT
Report

මෙම වසරේ දී දිවයිනේ ක්‍ෂය රෝගීන්ගේ සියයට 25 ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය බෝදික සමරනායක සඳහන් කළේ ය.

ඒ පසුගිය වසරට සාපේක්ෂවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ  අදට (25) යෙදී ඇති ලෝක පෙනහළු දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ය.

කෙසේ වෙතත්, මෙවර ලෝක පෙනහළු දිනයේ තේමාව වන්නේ 'ජීවයේ හුස්ම සැමට නිරෝගී පෙනහළු' යන්නයි.