පාසලෙන් බේරෙන්න තාත්තා ගැන අවුරුදු 7ක දරුවෙක් කීව අදහන්න බැරි බොරුව - පොලිසිය අමතා හිතා මතාම දුක්බර වූ දරුවා කීවේ මේකයි..

China
By krishani Oct 25, 2023 06:27 PM GMT
krishani

krishani

in චීනය
Report

නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Lishuiහි හත් හැවිරිදි දරුවෙකු පොලිසියට අමතා තම පියා අතින් ප්‍රචණ්ඩත්වයට ලක්වන බව දැනුම් දී ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මෙතෙක් කල් පාසලේ දී ගෙදර වැඩ නොකළ වරදට ඔහුට ඒ බැවින් දඩුවම් ලබා දී නොමැත.

ඒ සම්බන්ධයෙන් නිළධාරින් විසින් වහාම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහිදි පොලිස් නිලධාරියෙකු විසින් දරුවාගෙන් ඔහුට පහර දුන්නේ කවුද යනුවෙන් අසා ඇත.

දරුවා එහිදී මගේ පියා යනුවෙන් සඳහන් කර තිබෙනවා.

එහිදී දරුවා විසින්ම හිතාමතාම දුක්බර ස්වරූපයක් ගැනීමට උත්සහ කරන බව නිලධාරියාට තේරී ඇත.

කෙසේ වෙතත්, සිදුකළ  වැඩිදුර පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ පිරිමි ළමයා විභාග ප්‍රශ්න පත්‍ර නිවැරදි කර අවසන් නොවූ නිසා පාසල මඟ හැරීමට මෙම කතාව ගොතා ඇති බවයි.