දුම්රියක මැදිරියක් පුපුරා යයි - 10ක් ජිවිතක්ෂයට පත් වී 20ක් තුවාල ලබයි..

India Accident Death
By krishani Aug 26, 2023 06:53 AM GMT
Report

තමිල්නාඩු සිට මදුරෙයි දක්වා ගමන් කළ දුම්රියක මැදිරියක් තුළ පිපිරිමක් සිදු වී තිබෙනවා.

එම පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම අනතුර සිදුව ඇත්තේ පිපිරීම සිදු වූ මැදිරියේ ගමන් කළ වන්දනාකරුවෙකු නීතිවිරෝධී අයුරින් ළඟ තබාගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් ය.

කෙසේ වෙතත්, මෙම පිපිරිම මදුරෙයි දුම්රිය ස්ථානයේ නවතා තිබිය දී සිදුව ඇති අතර එහි පුද්ගලයින් 55 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ ගමන් කර තිබෙනවා.