ප්‍රසිද්ධ පාසලක ගුරුවරුන් දෙදෙනෙකුට සිදුවූ අවාසනාවන්ත ඉරණම..කිසිම ගුරුවරයෙකුට මෙවන් දෙයක් අත් නොවේවා!!..

Sri Lanka Police Ministry of Education Education
By Aruna Mar 07, 2024 05:02 PM GMT
Report

ගල්නෑව මද්‍යමහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමක් අතරතුර පාසල් ළමුන් දෙදෙනෙකු අතර ඊයේ (6) ඇති වූ ආරවුලක් හේතුවෙන් , එම ආරවුල ගුරුවරු මැදිහත් වීමෙන් සමතයකට පත කර තිබෙන පුවතක් වාර්තා වනවා.

පසුව එම සිදුවීමට මුල් වූ එම පාසලේ 9 වසරේ ඉගෙනුම ලැබූ දරුවා ගුරුවරුන් පහර දුන්නායි පවසමින් ගල්නෑව රෝහලට ඇතුලු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සිදුවීම පිලිබදව එම දරුවාගේ භාරකරුවන් හට පැහැදිලි කිරීම සදහා ඊයේ සවස එම පාසලේ ක්‍රීඩා ගුරුවරයා ගල්නෑව ලෝලුගස්වැව ප්‍රදේශයේ ඇති එම දරුවාගේ නිවසට ගිය අවස්තාවේදී දරුවාගේ නිවසේ සිටි පිරිසක් එම ගුරුවරයාට අමානුෂික අයුරින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම ස්තානයට පැමිණි එම පාසලේ ජීව විද්‍යා ගුරුවරයාටද ඒ අයුරිම පහර දී ඇත.

ඉන් අනතුරුව එම ගුරුවරුන් දෙදෙනා ගල්නෑව රෝහලට ඊයේ සවස ඇතුලත් කර ඇති අතර ජීව විද්‍යා ගුරුවරයාගේ හිසට සිදු වී තිබූ බරපතල තුවාල හේතුවෙන් , වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් මේ වන විට වයස අවුරුදු 17 තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීමට අදාල වූ අනෙකුත් පිරිස ප්‍රදේශයේ පලාගොස් ඇති බවයි.

ඔවුන් සොයා මේ වනවිට ගල්නෑව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සිදුවීම නිසාම අදින් ආරම්භවීමට නියමිතව තිබූ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ද තාවකාලිකව නවතාදමා ඇත.

Gallery