අලුත් පාසලට ආසාවෙන් ගිය පුංචි පහේ හපනට ගිය දවසෙම අයියලා කළ දෙයක්.. කාටවත් කිසිම දෙයක් කියලත් නෑ..
යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයට අළුතින් හය වන ශ්‍රේණියට ඇතුළත් වූ සිසුවෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා.
ඒ එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් විසින් ය.
එලෙස පහර දි එම සිසුවාගේ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනය නෙල්ලිඅඩි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
එම පහර කෑමට ලක් වූ සිසුවා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව එම විද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා.
ඒ වඩමරච්චි ප්‍රදේශයේ ගම්බද පාසලකින් ය.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඔහු පාසලට ඇතුළත් කළ මුල්ම දිනයේ දී ය.
ඒ පිළිබදව දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට ඔහු පවසා නොමැති බව වාර්තා වේ.
එම සිසුවා නිවසට පැමිණ සිටිය දී ඊට පසු දින ඔහුගේ කම්මුල් හා පිට ඉදිමෙන්නට පටන් ගැනීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතළ නිසා ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට මාරු කිරීමෙන් පසුව සිසුවා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහු තදබල පහර කෑමකට ලක්ව සිටින බවට අනාවරණය වී තිබෙනවා.