පයින් යමින් සිටි කලාකරුවෙක් පැහැගෙන ගොස් පහරදී මහමඟ දමා යයි..

Sri Lanka Police Sri Lanka Accident
By Aruna May 05, 2023 04:35 AM GMT
Report

චිත්‍රපටි ,ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු හා තිර රචනාශිල්පියකු ලෙස කටයුතු කරන 51ක් හැවිරිදි අයකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදු කළ සිදු කළ බව කියන පුද්ගලයන් 4 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිමඩ පොලිසිය පවසන්නේ,පහරකෑමට ලක්ව තුවාල ලැබූ මෙම ශිල්පියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මොහු පැහැර ගැනීමට යොදා ගත් බවට සැලකෙන වෑන් රථයද පොලිස් බාරයට බාරයට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වැලිමඩ සහ ඌවපරණගම යන ප්‍රදේශවල පදිංචි වාහන අත්පත් කර ගැනීමේ නිරතව සිටින පුද්ගලයින් තිදෙනකු හා හෝටල් සේවකයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 ,42, 21 සහ 30හැවිරිදි වියේ පසුවන අය වෙයි. මෙම ශිල්පියා වැලිමඩ නුවරඑළිය මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු ඔහබලහත්කාරයෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන හපුතලේ මාර්ගයේ දී අතින් පයින් පහරදී තුවාල සිදුකර මාර්ගයේ අතහැර දමා පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now