Fox Hill Journey පාටිය ගැන යුද හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)

Sri Lanka Army Accident Death
By Wayomi Apr 23, 2024 12:32 PM GMT
Report

ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්‍රිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ මෙම DJ රාත්‍රිය සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බවයි.

7ක් මැරිලා 21ක් තුවාල වෙලා තියෙද්දීත් - DJ මියුසිකල් ෂෝ එක නවත්තලා නෑ. - (VIDEO)

7ක් මැරිලා 21ක් තුවාල වෙලා තියෙද්දීත් - DJ මියුසිකල් ෂෝ එක නවත්තලා නෑ. - (VIDEO)


බණ්ඩාරවෙල පිහිටි හෝටලයක් මගින් Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර ඇති අතර Fox Hill සුපර් ක්‍රොස් තරගාවලිය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් එම Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර ඇති බවයි අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ,සමස්ථ යුද්ධ හමුදාව කම්පනයට පත්ව සිටින මොහොතක යුද්ධ හමුදාව හෝ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය අනුග්‍රහයකින් තොරව එම Fox Hill Journey නම් DJ රාත්‍රිය සංවිධානය කර තිබූ බවයි.