පුද්ගලයින් පිරිසකට ඇසිඩ් ප්‍රහාරයක්.- ළමයි දෙදෙනකුත් ගොදුරු වෙයි.

Sri Lanka Police Hospitals in Sri Lanka
By Wayomi Mar 06, 2024 10:28 AM GMT
Report

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන පුද්ගලයින් පිරිසකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ඇසිඩ් ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ, රිය අනතුරක් සම්බන්ධ නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයෙකු ඉලක්කගෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙක්ද මින් තුවාල ලබා තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පසුගිය වසරේ සිංහල අලුත් අවුරුදු දා රත්නපුර සමන් දේවාලය අසල සිදු වූ මාරක රිය අනතුරේ ප්‍රධාන සැකකරු බවයි වාර්තා වී ඇත්තේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාළ රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.