ඇමරිකාවෙන් මෙරටට තවත් ආධාරයක් - IMF ණය ගැනත් අගමැතිගෙන් ප්‍රකාශයක්..!

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka United States of America IMF Sri Lanka
By Sewvandhi Jun 21, 2022 08:28 AM GMT
Report

අමෙරිකා එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 5.75 ක ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මෙරට  එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (21) නිවේදනය කළේය.

ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙනි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් ඇතිකර ගත හැකි බවත් පසුව ඔවුන් සමග යෝජිත වැඩසටහන ඇරඹීමට හැකි බවටත් තමා අපේක්ෂා කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් ඇතිකර ගත හැකි බවත් පසුව ඔවුන් සමග යෝජිත වැඩසටහන ඇරඹීමට හැකි බවටත් තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ඊයේ (20) පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට බලධාරින් සමග එළඹෙන 30 වන දින දක්වා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now