අධික මත්පැන් පානය කළ ගිලන් රථ රියදුරු පාර දිගින් දිගට රථය හප්පයි..සීසීටීවී දර්ශන සහිතයි..(CCTV VIDEO)
Sri Lanka
Accident
By Sithumi
අධික ලෙස බීමත්ව ගිලන් රථයක් පදවාගෙන ගිය රියදුරෙක් අද (22) සවස අනතුරු කිහිපයක්ම සිදුකර තිබේ. හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වී ඇති අදාළ ගිලන් රථය හැටන් දික්ඔය මාර්ගයේදී ප්‍රථමයෙන් ත්‍රීරෝද රථ දෙකක ගැටී ඇත.
එහිදී නොනවත්වා ධාවනය වී ඇති අදාළ රථය පසුව තවත් ත්‍රීරෝද රථයක ගැටී තිබේ. ඉන් පසු මීටර් 100ක් පමණ ඉදිරියට ධාවනය වී නිවසක් අසල වැටක ගැටී තවත් ත්‍රීරෝද රථයක ගැටී නතරවී ඇත.
අනතුරෙන් ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙක් සහ දරුවෙක් තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පැවසීය. ගිලන් රථය බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අයත් බවද වාර්තා විය.
පොලීසිය විසින් එහි රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි. පොලීසිය සඳහන් කළේ එහි රියදුරු අධික ලෙස මත්පැන් පානයකර සිටි බවය.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |