මවක් තම දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී - පස් හැවිරිදි දියණිය මරුට

Sri Lanka Accident
By Sewvandhi Jul 01, 2022 09:54 AM GMT
Report

මවක්, සිය දියණිය සහ පුතු සමග ඇඹිලිපිටිය - චන්ද්‍රිකා වැව සොරව්ව අසලින් වැවට පැනීමෙන් පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව සහ පුතා ඇඹිලිපිටිය පොලීසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මුදාගෙන රෝහල් ගත කර ඇති අතර, මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

11 හැවිරිදි පුතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මව මෙලෙස සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමට හේතුව මෙතෙක් නිෂ්චිතව අනාවරණ වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now