ඇම්බරැල්ලා චට්නි රෙසිපි.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Sep 23, 2022 01:21 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ටික දවසක් තියාගෙන කන්න රසම රස ඇම්බරැල්ලා චට්නි එකක් හදලා බලමුද?

?හොඳට පැහුනු ඇම්බරැල්ලා ගෙඩි ටිකක් ගෙන ඒවා වාෂ්පෙන් තම්බා ගන්න

? හොඳින් තැම්බුනාම පොත්ත පැලිලා දකින්න පුළුවන්

? ඊට පස්සේ නිවෙන්න හැර පොත්ත ඉවත් කර , අතින් පොඩිකර කොහු ඉවත් කර ගන්න .

? එතකොට ක්‍රීම් එකක් වගේ පේස්ට් එකක් ගන්න පුළුවන් .

?මැටි බදුනක් ලිපේ තියලා තෙල් ටිකක් රත් කර ගන්න .එයට සුදු ලූණු ස්වල්පයක් , ඉගුරැ ස්වල්පයක් එක් කර බැදෙන්න හරින්න

? ඊට ,ජලය ස්වල්පයක් , කර කරගත් සීනි සිරප් ( චට්නි වලට ආවේණික රන්වන් පහැය ගැනීමට සීනි කර කරගන්න)

?ඊටම මිරිස් කුඩු ස්වල්පයක් ,විනාකිරි මේස හැදි 2ක් එකතු කරගන්න.

?දැන් අපි සකසා ගත් ඇම්බරැල්ලා ක්‍රීම් එක එකතු කරගන්න.

? දැන් මද ගින්දරේ තෙතමනය හිදෙන තෙක් තබන්න .

?සාදාගත් චට්නි එකේ පැහැය රන්වන් පැහැවී බුබුලු දමන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.

?හොඳින් නිවුන පසු සෝදා ,වියලා පිරිසිදු කරගත් වීදුරු බෝතලයක අසුරාගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW