දිවයින පුරා අද සියලූම පාසල් පැවැත් වෙන්නෙ නෑ - හෙට?.
අද (03) දිනයේ දිවයිනේ සියලූම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුව සැලකිල්ලට ගනිමින් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කර සිටියේ ය.
කෙසේ වෙතත්, ඉදිරියේ දී පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් කාලගුණ නිරීක්ෂණ අනුව දැනුම් දෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.
එමෙන්ම, එම තීරණය ගැනීමට පෙර අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද කුමාර් මහතා පවසා සිටියේ අද (03) පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරෙන බවයි.
ඒ මහතා මේ බව සඳහන්කර සිටියේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම, අධික වර්ෂා තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 9ක නායයෑමේ අවදානම් කලාප තවදුරටත් වැඩි වී ඇත.
මෙම අවදානම අද උදෑසන 7:00 දක්වා බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය.
ඒ අනුව කොළඹ, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට තුන්වන අදියර හෙවත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ අතර, මේ වන විට දිවයිනට බල පෑ කාළගුණ තත්ත්වයත් සමග ජනතාව විපත් රැසකට මුහුණ පෑ අවස්ථාවන් රැසක් වාර්තා වීය.
එමෙන්ම, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ බව එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%