වහාම ක්‍රියාත්මක වන පරිදි තරුණ මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව අත්හිටුවයි..
රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන පසුව දඩ ගෙවා නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්‍රි රහීම් මහතාට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් අද දැනුම්දෙනු ලැබුවා.
ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත අද (06) දින සිට මාසයක කාලයක් සඳහා එම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.
මීට අමතරව මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදුනොකරන ලෙසට ද කථානායකවරයා විසින් තරවටු කර සිටියා.
මේ අතර, මහ බැංකුව සහ රජය සම්බන්ධීකරණයෙන් සිදු කළ සාර්ව ආර්ථික ඉල්ලුම් කළමනාකරණ ප්‍රයත්නයන් හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී 70% ක්ව තිබූ උද්ධමනය 2024 වසරේ පෙබරවාරි මාසයේ දී 5.9% දක්වා පහත වැටීමත් සමඟ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, 2023 වසරේ දී 30% ඉක්ම වූ පොලී අනුපාත 10% කට වඩා අඩු අගයකට ගෙන ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.