මද්‍යසාර හා දුම්වැටි මිල ඉහළ දාන අලුත්ම මිල සූත්‍රයක්.

Government Of Sri Lanka IMF Sri Lanka Excise Department of Sri Lanka
By Wayomi Jan 11, 2024 03:37 AM GMT
Report

මේ වසරේදී නැවතත් මද්‍යසාර හා දුම්වැටි මිල ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් පවසන්නේ, IMF සංවිධානය විසින් මෙරට මද්‍යසාර හා දුම්වැටි සඳහා මිල සූත්‍රයක් හෝ මද්‍යසාර සඳහා මද්‍යසාර බදු අයකරන ක්‍රමයක් ‍යෝජනා කර ඇති බැවින් මිල ගණන් ඉහළ යා හැකි බවයි.

මද්‍යසාර හා දුම්වැටි මිල ඉහළ දාන අලුත්ම මිල සූත්‍රයක්. | Alcohol And Cigarette Prices Are Higher

එමෙන්ම ඔහු කියා සිටියේ, මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ යෑම නිසා රජයට බදු ආදායම වැඩි වී පරිභෝජනය පහළ යන නිසා මද්‍යසාර සහ දුම්වැටි පරිහරණය කරන්නන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන මුදලද අඩු බවයි.

මේ අතර අධ්‍යන ප්‍රතිපක්ති කේන්ද්‍රය ප්‍රකාශයට පත්කර ඇති පරිදි පසුගිය වසරේ මද්‍යසාර බදු 10%ක් වැඩි කිරීමේදී මද්‍යසාර භාවිතය 11.7%කින් අඩු වී තිබෙනවා.


                                                                                      Sponsored By Sarrita Jewellery


මද්‍යසාර හා දුම්වැටි මිල ඉහළ දාන අලුත්ම මිල සූත්‍රයක්. | Alcohol And Cigarette Prices Are Higher