උසස් පෙළ සිසුන්ටයි මේ දැනුම්දීම - මේ දෙය ඔබත් කරානම් මෙන්න මේ භයානක දෙය ගැනත් දැනගෙනම ඉන්න වෙයි..
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.
ඒ උසස් පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,
"බොහෝ දරුවෝ අපි දකිනවා තමන්ගේ ප්‍රතිඵල ලබා ගත් විභාග දෙපාර්තමේන්තුවේ ලේඛණය තමන්ගේ මුහුණු පොතේ ප්‍රකාශ කරනවා.
ඒක කළ යුතු නැති දෙයක්.
ඕනම කෙනෙකුට ඒ විභාග අංකයෙන් වෙන කෙනෙකුගේ අයදුම්පතේ, වෙන කෙනෙකුගේ ජාතික හැදුනුම්පතේ අංකය දන්නවා නම් ඒ ඇප්ලිකේෂන් එකට පිරෙව්වොත් එහෙම, අදාළ දරුවට දෙවැනි අවස්ථාවක් එන්නෑ ආයේ මේක පුරවන්න.
එහෙම වුණොත් විශාල කාල පරාසයකින් පස්සේ තමයි සමස්ත පරිඝණක ක්‍රියාවලියම වෙනස් කරලා තමයි නීත්‍යානුකූල අයිතිකරුට මේ ප්රවේශට ලබා ගන්න පුළුවන් වෙන්නේ.
එහෙම වුණොත් ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ ළමයි ගැන බලා ගන්නවා. බියක් ඇතිකර ගත යුතු නැහැ.
නමුත් වැලකී සිටින ලෙස ඉල්ලනවා තමන්ගේ විභාග අංකය මුහුණු පොතේ හෝ සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන්." යනුවෙන් ය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%