උසස් පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්..
G.C.E.(A/L) Examination
By krishani
හෙට (23) දිනෙන් ඇරඹෙන උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇත.
ඒ අනුව සිසුසැරිය බස් රථ 1,617 ම විභාගය පැවැත්වෙන දිනවල ක්‍රියාත්මක වේ.
මෙම ප්‍රවාහන සැළැස්මට සහයෝගය දැක්වීමට ලංකා ගමනාගමන මණ්ඩලය ද සිය එකඟතාව පළ කර ඇති අතර උසස් පෙළ විභාගය වෙනුවෙන් දුම්රිය ගමන් වාර 16 ක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් බස් රථ පිළිබඳ 1955 සහ දුම්රිය පිළිබඳ 1971 යන ක්ෂණික දුරකථන අංකවලට අමතන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |