උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..
Department of Examinations Sri Lanka
G.C.E.(A/L) Examination
By krishani
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අද (22) දිනය තුළ විභාග මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවත් 2022 - 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) දිනයේ සිට විභාග මධ්‍යස්ථාන 2,200ක දී පැවැත්වීමට නියමිත බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වේ.
කෙසේවෙතත් විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |