උසස් පෙළ විභාගය සඳහා විශේෂ මධ්‍යස්ථාන හතරක්..! - විභාග කොමසාරිස්

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Sewvandhi Jan 18, 2023 12:44 PM GMT
Report

 විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (18) දිනයේ දී කියා සිටියේ,අපොස උසස් පෙළ විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බවයි.

බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ද, විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්‍ෂකයන් සඳහා රත්මලාන සහ තංගල්ලේ ද, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් එම රෝහලේ ද, විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවත් එම මධ්‍යස්ථාන හතරත් සමගින් මෙවර විභාගය මධ්‍යස්ථාන 2200 ක පැවැත්වෙන බවත් ජයසුන්දර මහතා කීය.

මෙවර විභාගය සඳහා පාසල් අපේක්‍ෂකයන් 278,196 ක් සහ පෞද්ගලික අපේක්‍ෂකයන් 53,513 ක් සමඟ සම්පූර්ණ අපේක්‍ෂකයන් 331,709 ක් සහභාගි වීමට නියමිත බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 317 ක් මගින් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය. මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් පැවැත්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now