සියලු බැංකු වලට විශේෂ දැනුම් දීමක්?.. කරන්න යන දේ මෙන්න.
මෙරට වාණිජ බැංකු වල ඇති ඩොලර් ගිණුම් වල මුදල් දේශීය මුදල් වලට මාරු කරන ලෙස ට ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙරට වාණිජ බැංකුවලට උපදෙස් දී ඇති බවට පැතිර යන වාර්තා සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ඔහු කියා සිටින්නේ, මෙම ප්‍රචාරයන් රජය අපහසුතාවයට පත් කිරීම් සඳහා සංවිධානාත්මකව සිදු කරන ඒවා බවයි.
කෙසේ වෙතත් මෙරට වාණිජ බැංකුවල අනේවාසික සහ නේවාසික විදේශ මුදල් තැන්පතු ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින්ගේ ගිණුම් වල ඇති තැන්පතු මුදලින් 25% ක් දේශීය මුදල් වලට මාරු කරන ලෙසට මහ බැංකුව විසින් දැනුම් දී ඇති බවට වාර්තා මීට පෙර පළ වුණා.
මේ අතර වෛද්‍ය නිලධාරීන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් ගැටළුවට සියලු දෙනාගේ එකඟතාවය මත විසඳුමකට එළඹෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
වෛද්‍ය නිලධාරීන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් පැවති ක්‍රමය වෙනස් කිරීමට යාමෙන් ගැටලු මතුවන නිසා පැවති ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරිම සුදුසුද යන්න සාකච්ඡා මාර්ගයෙන් තීන්දුවක් ගන්නා ලෙසත් එහිදී අග්‍රාමාත්‍යවරයා සියළු පාර්ශවවලට උපදෙස් ලබාදී ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඊයේ (4) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එසේ උපදෙස්දී තිබේ.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |