කටුනායකදී ගුවන් යානයක් අනතුරට ලක්වෙයි..(PHOTOS)

Sri Lanka Airport Sri Lanka Accident
By Aruna Jul 05, 2022 03:13 AM GMT
Report

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට ලක්වී තිබෙනවා.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන A 330 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ(04) රාත්‍රී 09.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇඟලුම් තොගයක් රැගෙන එය ඊයේ රාත්‍රී 11.30 ට පමණ නැවතත් කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක් නිසි පරිදි තිරිංග නොයොදා අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව එම බහලුම ගුවන් යානයේ එන්ජිමක ගැටී ඇත.

හානියට පත් වූ එන්ජිම යථා තත්වයට පත් කර ගැනීමට හෝ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට අවශ්‍ය පියවර තුර්කි ගුවන් සේවා බලධාරීන් විසින් මේ වනතෙක් ගෙන නොමැති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery