කටුනායක දෙවනක් කළ වීසා කලබලයෙන් පසු අලුතෙන් ආ ඉන්දියානුවන් ගත් තීරණය. - (VIDEO)

Bandaranaike International Airport Sri Lanka Airport India
By Wayomi May 02, 2024 11:43 AM GMT
Report

ඊයේ (01) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වුවද,ඊයේ සිට ඉන්දියාවේ සමාගමක් වෙත එය පවරා තිබීම හේතුවෙන්.

මෙමඟින් සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක විසා ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 20ක මුදලකුත් අනෙක් රටවල සඳහා ඩොලර් 50ක මුදලක් අයකරගෙන තිබෙනවා.

මෙම ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවු අතර ඉතා කෙටි කාලයක් තුළ ON ARRIVAL VISA පහසුකම සංචාරකයින් වෙත ලබාදීමටද පහසුකම් සලසා ඇත.

එවන් පසුබිමක මීට දෙදිනකට පෙර රජය තීරණය කර තිබුණේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තෙවන පාර්ශ්වයකට ලබාදීමටයි..

ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙතෙක් අය නොකරනු ලැබු සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක්ද මෙම ඉන්දීය සමාගම හරහා වීසා ලබාදීමේදී අයකරනු ලබන බව වාර්තා වෙනවා.

එහිදී සාක් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් අමෙරිකානු ඩොලර් 22ක මුදලක්ද වෙනත් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් ඩොලර් 25ක මුදලක්ද අය කරගෙන තිබෙනවා.

එමඟින් මින්පෙර මෙරටට පැමිණීමේදී වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබූ ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 7ක සංචාරකයින්ගෙන්ද මෙම සමාගම අමෙරිකානු ඩොලර් 22ක මුදලක් අයකරනු ලබන බවද වාර්තා වෙනවා.

මේ හේතුවෙන් අදාළ සමාගම මගින් වීසා නිකුත් කිරීම පමාවීම හේතුවෙන් ඊයේ සංචාරකයින් විශාල පිරිසකට පෝළිම්වල පැය ගණනක් රැඳීසිටීමට සිදුවී තිබුනා.