දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වායු තත්ත්වය අහිතකර අතට - අද වායු මට්ටම් මෙන්න

Sri Lanka Climate Change
By Sewvandhi Mar 16, 2023 09:01 AM GMT
Report

 අද (16) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම වායු තත්ත්වය සෞඛ්‍යට අහිතකර ආකාරයෙන් වාර්තා වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවලින් අනාවරණය කරනවා.

ඒ අනුව අද පෙරවරු 11. 30 වන විට දිවයිනේ නරක ම වායු තත්ත්වය කොළඹ නගරයෙන් වාර්තා වී ඇති අතර එහි වායු ගුණාත්මක අගය දැක්වුණේ, අදාල දර්ශකයේ එකක 135ක් ලෙසින්.

ඊට අමතරව, ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 130ක අගයක් ද,

යාපනේ නගරයෙන් 128ක් හා

බත්තරමුල්ල බස්නාහිරින් ඒකක 121ක අගයක් වාර්තා වී තිබෙනවා.

වායු ගුණාත්මක දර්ශකයට අනුව සෞඛ්‍යට අහිතකර අගයන් ලෙස දැක්වෙන්නේ ඒකක 101 - 150 දක්වා වූ මට්ටමයි


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර...