තරුණියන් පෙම්වතුන් සොයා ගන්නා අලුත්ම විදිහ ගැන ඔබ දැනුවත්ද..? මෙන්න අලුත්ම ක්‍රමේ..

Wedding China Artificial Intelligence
By Sewvandhi Feb 18, 2024 10:29 AM GMT
Report

චීන තරුණියන් AI තාක්ෂණය උපයෝගී කරගනිමින් තම කාන්සිය, පාළුව, මානසික පීඩනය මඟ හරවා ගැනීම සඳහා නිර්මාණය කළ පෙම්වතුන් සොයාගැනීමට පෙළඹී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,ග්ලෝ නිදහස් යෙදුම භාවිතයෙන් මෙලෙස චැට්බොට් නම් පෙම්වතුන් සමග සංවාදයේ යෙදීමට චීන තරුණ කාන්තාවන් පෙළඹී ඇති බවයි .

චීනයේ වේගවත් ජීවන රටාව, දීර්ඝ වැඩ කරන වේලාවන් සහ නාගරික පරිසරය තුළ ඇති වන හුදකලා බව හේතුවෙන් මෙම තාක්ෂණයන් වෙත යොමු වීමට තරුණියන් පෙළෙඹන බව වාර්තා වන අතර චීන තරුණියන් පෙන්වා දෙන්නේ තමන්ට අවශ්‍ය පරිදි පෙම්වතුන් මෙහෙයවීමට ලැබෙන බවටයි.