යුද්ධයට ලාංකිකයින් යැවූ ඒජන්සියක හිමිකරු අත්අඩංගුවට .

Sri Lanka Police Russo-Ukrainian War Sri Lankan Peoples
By Piyumika May 16, 2024 10:28 AM GMT
Report

මේ දින වල දැඩි ලෙස කතාවට ලක්වන රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යෙදවීමේ සිද්දියට අදාලව එලෙස යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඊයේ (15) දින නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.

මෙම විමර්ශනය සඳහා කළමනාකරු (විශේෂ විමර්ශන) කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, මහීෂ කොඩිප්පිලිආරච්චි, මදුශාන් විජේවර්ධන, අමිල පෙරේරා හා ගයේෂා සුභාෂිණි යන නිලධාරීන් සහභාගි වූහ.

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පවත්වාගෙන ගිය අදාල ආයතනය විසින් සිදුකළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධිකය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද මේ වන විට අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.

ග්‍රාම නිලධාරී නැතිව දේහයක් තවමත් නිවසේ. - (VIDEO)

ග්‍රාම නිලධාරී නැතිව දේහයක් තවමත් නිවසේ. - (VIDEO)


සංචාරක වීසා මඟින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර ඇති අතර, එරටදී රැසියානු-යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුවී ඇත. කෙසේ වෙතත් කිසිදු හමුදාවක සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මඟින් කිසිදු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.