අගලකඩ සිරිසුමන හිමියන් රිය අනතුරකට ලක්වෙයි..!
අද (1) පස්වරු 3.00ට පමණ කැස්බෑව ප්‍රදේශයේ දී, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි කැස්බෑව පොලීසිය පවසනවා.
උන් වහන්සේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි තම විහාරස්ථානයේ සිට හොරණ කුඹුක ප්‍රදේශයේ විහාරස්ථානයක සවස 5.00 ට පමණ පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
කැස්බෑව, සුපිරි වෙළඳසැලක් ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර, උන් වහන්සේ ගමන් කළ රථය තවත් මෝටර් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
උන්වහන්සේගේ තත්වය බරපතල නොමැති බව වාර්තා වේ. පිළියන්දල සිට කැස්බෑව ප්‍රදේශයට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුට සිදුවූ අත්වැරැද්දකින් අගලකඩ සිරිසුමන හිමියන් ගමන් කළ රියෙහි ගැටී ඇති අතර, මෙම රථ දෙකම සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ වේ. රථ දෙකටම බරපතල හානි සිදුව ඇත. කැස්බෑව පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |