තියුණු තරගයකින් පසුව අවසාන තරගයේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE)

Cricket Sri Lanka Cricket Afghanistan Cricket Team Sports Latest Headlines
By krishani Feb 21, 2024 01:48 PM GMT
Report

UPDATE :-

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන 20-20 තරගාවලියේ අවසාන තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

තියුණු තරගයකින් පසුව අවසාන තරගයේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE) | Afghanistan Vs Sri Lanka Final 20 20 Cricket Match

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාවට කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 206ක් පමණක් වේ.

තියුණු තරගයකින් පසුව අවසාන තරගයේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE) | Afghanistan Vs Sri Lanka Final 20 20 Cricket Match

කෙසේ වෙතත්, පැතුම් නිස්සංක ලකුණු 60ක් රැස් කළ අතර අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක් වීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය.

එමෙන්ම, කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් රැස් කරනු ලැබීය.

-------------------------------------------------

ඇෆ්ගනිස්තානුවන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය.. (PHOTOS/UPDATE)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වීය.

තියුණු තරගයකින් පසුව අවසාන තරගයේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE) | Afghanistan Vs Sri Lanka Final 20 20 Cricket Match

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කර ගැනීමට සමත් විය.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස් කළ අතර හස්‍‍රතුල්ලා සසායි ලකුණු 45ක් රැස් කරමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නේ ය.

කෙසේ වෙතත්, මතීෂ පතිරණ ලකුණු 42කට කඩුලු 02ක් සහ අකිල ධනංජය ලකුණු 37කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

-------------------------------------------------

අද මැච් එකේ කාසියේ වාසිය තීරණය වෙයි.. (PHOTOS)

අද (21) සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය පැවැත් වෙයි.

තියුණු තරගයකින් පසුව අවසාන තරගයේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE) | Afghanistan Vs Sri Lanka Final 20 20 Cricket Match

එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේ ය.

තියුණු තරගයකින් පසුව අවසාන තරගයේ ජය තීරණය වෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS/UPDATE) | Afghanistan Vs Sri Lanka Final 20 20 Cricket Match