උසස් පෙළ විභාගය ගැන කළ විශේෂ දැනුම්දීම මෙන්න..
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ මේ වසරේ දී උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය 2025 වර්ෂය වන විට සැප්තැම්බර් මාසයේ දී පැවැත්විය හැකි බවත් ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පැවැති වැඩසටහනකට එක් වෙමින් ය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා එහිදී සඳහන් පැවසීය.
කෙසේ වෙතත්, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයකට සාර්ථකව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූ පසුවත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%