ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය අරඹයි.

Mahinda Amaraweera Ministry of Agriculture
By Wayomi Jan 25, 2023 05:24 AM GMT
Report

ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විවෘත කරනු ලැබුවා.

ඒ, හොරණ, මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රයේයි.

වර්ග අඩි 40,000කින් සහ නවීන තාක්ෂණයෙන් යුතු නිෂ්පාදනාගාර වලින් සමන්විත මෙම කර්මාන්තශාලාවෙි ශ්‍රී ලංකාවට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය කිරීම සිදු කෙරෙනවා.

අමාත්‍යාංශය පවසන්නේ, මෙහි වාර්ෂික ජෛව පොහොර ලීටර් මිලියනයක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයකින් යුක්ත බවත් මූලික අධ්‍යයන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම කර්මාන්තශාලාවෙි බයෝ ෆිල්ම් ජෛව රසායන පොහොර නිපදවන අතර, ඒවා 100%ක්ම ස්වභාවික, පරිසර හිතකාමී ජෛව පොහොර බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW