පොළොව හාරා කුහරයක දිවි ගෙවූ ලොව එකම මිනිසාට සිදුවූ දේ මෙන්න..(VIDEO/PHOTOS)

Gossip Today Indian 2
By Aruna Aug 31, 2022 03:21 AM GMT
Report

වෙනත් කිසිදු ජනවර්ගයක් සමග මුසු නොවී Brazil Amazon වනාන්තර ප්‍රදේශයක ජීවත් වූ ලොව හුදෙකලා මිනිසා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආදිවාසී ගෝත්‍රයක අවසන් සාමාජිකයා වූ ඔහු වසර විසිහයක් පමණ Amazon වනාන්තරයේ මෙලෙස හුදෙකලාව ජීවත්වී තිබෙනවා.

සතුන් දඩයම් කිරීමේ අරමුණින් පොළොව හාරා සැඟව දිවි ගෙවීම නිසා කුහරයේ මිනිසා ලෙසද ඔහුව හදුන්වනු ලබනවා.

Bolaviaට මායිම් වූ Rondonia ආශ්‍රිතව ජිවත් වූ මෙම ආදීවාසි ගෝත්‍රික කණ්ඩායමේ වැඩි පිරිසක් 1970 දී විශාල ගොවිබිම් පුලු‍ල් කිරීමේ ව්‍යාපෘතිවලදී ඝාතනයට ලක්වී තිබුන අතර පසුව එම ගෝත්‍රය හත්දෙනෙකුට සීමා වී සිටි අතර සෙසු හයදෙනා ඝාතනය කෙරුණේ 1995 වසරේ දී බවයි වාර්තා වෙන්නේ.

එතැන් සිට තනිව දිවිගෙවූ මෙම ආදිවාසි මිනිසාගේ වයස අවුරැදු අවුරුදු 55 ත් 65 ත් අතර වන බව අනුමාන කෙරෙන අතර ඔහුගේ මරණය ස්වභාවික හේතුවක් මත සිදුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රක්ෂිතයේ සිට සැතපුම් 1,000 කට වඩා වැඩි දුරක් මෙම පුද්ගලයාගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා Brazil වෙත ගෙන ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery