පිපිරීමකින් රූගත කිරීම් අතරතුරදී ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණට අනතුරකට ලක්වෙයි.!

Actors Accident
By Wayomi Apr 29, 2024 07:42 AM GMT
Report

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ රූගත කරමින් පවතින චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතරතුර ඔහු මෙම අනතුරට පත්ව ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ අනතුරකට ලක් ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

ඔහු මෙම සිදුවීමෙන් සුළු තුවාල පමණක් ලබා ඇති අතර රූගත කිරීම් අතරතුරදී වෙඩි පිපිරවීම් සිදුකළ ශිල්පියා අතින් සිදු වූ අතපසුවීමකින් ඔහු මෙලෙස තුවාල ලබා තිබෙනවා.   

............................................................

May you Like