උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න..

Sri Lanka Accident
By Aruna Jan 20, 2023 02:04 AM GMT
Report

පේරාදෙණිය දඬුවාව පුරාණ රජ මහා විහාරයේ උඩ මළුවේ පූජාවක් පවත්වමින් සිටි හිමි නමකගේ ශරීරය මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ හිමි නම පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව අපවත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පොලීසිය පැවසුවේ ඊයේ (19) මෙම සිදුවීම සිදුවූ බවයි.

අපවත් වූ හිමිනම වයස අවුරුදු 18 සිට දඬුවාව පුරාණ රජ මහා විහාරයේ වැඩ වාසය කරන හිමි නමක් බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now