සහෝදරිය නාන අතරේ පාසල් සිසුවෙකුට සිදුවූ අවාසනාවන්ත ඉරණම...අම්මත් ගෙදර ඉදල නෑලු.(PHOTOS)
ඔන්චිල්ලාවක් පදිමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවකුගේ ගෙලෙහි එම ලණුව සිරවී ඉතා අවාසනාවන්ත අන්දමින් මරුමුවට පත් වී ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසනවා.
පෙරේදා (06 වැනිදා) සවස 6.30 ට මෙම සිද්ධිය සිදු වී අතර මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ ගිරිඋල්ල, බෝපිටිය, මත්තෙගම පදිංචිව සිටි කුරුණෑගල රාජකීය විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඉසුම් හංසන බණ්ඩාර නමැති සිසු දරුවෙක්.
දරුවාගේ අවාසනාවන්ත සිද්ධියෙන් මුළු ගිරිඋල්ල ප්‍රදේශයම එකම මළගමක් බවට පත් වී තිබේ.
දරුවා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාන අවස්ථාවේ ඔහුගේ මව හා බාල සොයුරු මල් කැඩීම සඳහා නිවසින් බැහැරට ගොස් සිට ඇති අතර , ඔහුගේ වැඩිමල් සොයුරිය නාන කාමරයේ සිට ඇති බව හෙළිවී ඇති බවටයි පොලිසිය පවසන්නේ.
මෙම පාසල් සිසුවා ලණුවේ සිරවී සිටිනු දැක ඇති මව පසුව ලණුව කපා දඹදෙණිය රෝහල කරා රැගෙන ගොස් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.
මේ පිළිබඳව ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. පී. ඒ. සමරකෝන් මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ජනක (38389) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ..
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

