මාලිමා අපේක්ෂකයෙකුගේ රතු කට්ට පනී..පාසල් දරුවෙකුගේ හිස තාපප්යක අනී..

Sri Lanka Accident
By Aruna Mar 03, 2023 04:44 AM GMT
Report

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජා-ඇල නගර සභාවට තරග වැදීමට නාමයෝජනා භාරදී ඇති ජාතික ජනබලවේගය අපේක්ෂකයෙකු එකොළොස් හැවිරිදි දරුවකුගේ හිස තාප්පයක හැප්පවීම නිසා එම දරුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දරුවාගේ මව විසින් පොලීසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වනවා.

තම දරුවා තවත් දරුවන් තිදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී එම බෝලය අපේක්ෂකයාගේ නිවසේ තාප්පෙ වැදුණේ යැයි උරණවී දරුවාගේ හිස එම තාප්පයේ හප්පා ඇතැයි පැමිණිල්ලේ සඳහන්වේ.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට එම අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ජාඇල පොලීසිය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now