පාර අයිනෙ සිටි තරුණියගේ මරණය ලොරියක හප්ලා සිදුකළ ඝාතනයක් බවට හෙළිවෙයි.(PHOTO)
පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැදී සිටි කාන්තාවක් කුඩා ලොරි රථයකින් හප්පා ඇය මරණයට පත්වීම රිය අනතුරකින් සිදුවූවක් නොව එය සංවිධානාත්මක කළ ඝාතනයක් බව අද (4) ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පිටිගල පොලීසිය පවසනවා.
ඝාතනය සැලසුම් කළ බව කියන මිය ගිය කාන්තාව විවාහවීමට සිටි ඇයගේ ඥාති පුතෙකු මාපලගමදී ඊයේ(3) රෑ සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියා සිටියා.
මේ ඝාතනය සදහා යොදා ගත් කුඩා ලොරි රථය ඇය ඝාතනය කළ දිනට පසු දින මාපලගම ප්‍රදේශයේ මාර්ගයක නතර කර දමා තිබියදී සොයා ගත් බවත් එහෙත් කාන්තාව ඝාතනය කළ රියදුරා පලාගොස් සැගවී සිටින බවද පොලීසිය කියයි.
අප්‍රේල් මස 30 වැනිදා පස්වරුවේ සිදුවූ ලොරියක් භාවිතා කරමින් සිදු කළ මේ ඝාතනයෙන් මිය ගොස් සිටියේ පිටිගල තල්ගස්වල දියකිතුල්කන්ද වත්තහේන පදිංචි නිරෝෂා උදයංගනී නමැති තිස්දෙහැවිරිදි(32) කාන්තාවක් බවද පොලීසිය කියයි.
කාලයක්ම විදෙස් ගතව විශාල මුදලක් මෙරටට ගෙන ආ මිය ගිය කාන්තාව සමග මේ ඝාතනය සැලසුම් දැනට සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් සැකකරු ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු වෙමින් ඇය සමග ආදර සම්බන්ධතාවයක් පවත්නා ගෙන ගොස් ඇති බවද පොලීසිය කියයි.
ඇයගේ සබ්බ සකල මනාවම හූරා පෙරාගත් සැකකරු ඇය කසාද බැදීම මග හැරීම සදහා ඇය ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණයවූ බවද පොලීසිය පවසයි.
සැකකරුගේ සැකසිතෙනා හැසිරීම් සහ තවත් හේතු කිහිපයක් නිසා මෙය රිය අනතුරක් නොව සංවිධානාත්මක ඝාතනයක් විය හැකි බවට සැක කළ නිසා ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙය ඝාතනයක් බවට අනාවරණය කර ගත් බවද පොලීසිය කියා සිටී.
විසිපස් හැවිරිදි(25) සැකකරු මිය ගිය කාන්තාවගේ ඥාති පුතෙක් වන බවත් ඔහු මේ කාන්තාව ඝාතනය කිරීමට පලා සිටින ඝාතක රියදුරාට ඒ සදහා රුපියල් ලක්ෂ ගණනක කොන්තාත්තුවක් දී ඇති බවද අනාවරණයවූ බවද පොලීසිය කියයි පලා ගොස් සැගවී සිටින මේ ඝාතක රියදුරා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට කණ්ඩායමක් යොදවා ඇති බවද පොලීසිය කියයි.
මේ ඝාතනය සැලසුම් කළ සැකකරු අද(4) පස්වරුවේ ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
