කැබිතිගොල්ලෑවේ දරුණු මාරක අනතුරක්..හමුදා සෙබලෙක් සහ තරුණයෙක් මියයයි.(PHOTOS)
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රාජකාරි ගමනක් ගොස් නැවත හෙරොව්පොතාන දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් A - 29 මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබෙනවා.
අනතුරට පත්වූ මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබු එක් තරුණයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෝටර් රථය ගවයින් දෙදෙනෙකුගේ ගැටී පසුව බෝක්කුවක ගැටී රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදුව ඇත.
ඊයේ (30) රාත්‍රී 9.50ට පමණ මෙම මාරක අනතුර සිදුව තිබු අතර අනතුරින් 22 හැවිරිදි තරුණයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් හොරොව්පොතාන රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරුව 19 හැවිරිදි තරුණයෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුත්වත්ත, මරදන්කඩවල පදිංචි 09 වන ගැමුණු හේවා බළකාය 582 බලසේනා මූලස්ථානය බගවත්ත හොරණ යුද හමුදා කඳවුරේ සේවය කළ 33 හැවිරිදි සෙබළෙකු හා නිකවැව හොරොව්පොතාන ලිපිනයේ පදිංචි R.R.සඳරු ප්‍රභාෂණ නැමැති 19 හැවිරිදි තරුණයෙකි.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇති මෝටර් රථයේ රියදුරු වන 30 හැවිරිදි උදයංග බංඩාර නැමැත්තා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


