මාරක රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Accident
By krishani Mar 04, 2023 12:27 AM GMT
Report

ඊයේ (03) සවස නුවර - යාපනය A-09 ප්‍රධාන මාර්ගයේ තිරප්පනය අලිස්ථාන ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් අනතුරට ලක් වී කාන්තාවක් ජිවිතක්ෂයට පත් විය.

මන්නාරම, සිලාවතුර, බණ්ඩාරවේලී පුදේශයේ පිරිසක් ගමන් ගත් වෑන්රථයක් වංගුවක දී මාර්ගයෙන් ඉවතට පැන පෙරැළි යාමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.

එම අවස්ථාවේ දී වෑන් රථය එම මාර්ගය අසළ සිටි කාන්තාවකගේ ගැටී ඇති අතර එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ එම කාන්තාව ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් අනුරාධපුර මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

පසුව ඇය රෝහලේ දී මිය ගොස් ඇති අතර මියගොස් ඇත්තේ තිරප්පනය අලිස්ථාන ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුෂ්කා සංජීවනී කරුණාරත්න නමැති දෙදරු මවක් ය.

අනතුරට පත් වෑන් රථයේ මන්නාරම සිලාවතුර බංඩාරවේලි ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මවක, පියෙකු හා දරුවන් සිව්දෙනෙකු ගමන් කර ඇත.

එම පිරිසට අනතුරින් කිසිඳු හානියක් සිදු වී නොමැති අතර රියදුරුට නින්දයාම හෝ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇත.

වෑන් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join