මාරක අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Accident
By krishani Feb 28, 2023 02:08 AM GMT
Report

ඊයේ (27) තමුත්තේගම - පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේ දී අනුරාධපුර සිට කළුතර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක පිටුපස භාණ්ඩ පටවන ලද කොටසට පුද්ගලයින් දෙදෙනකු විසින් භාණ්ඩ පටවමින් සිටිය දී අනුරාධපුර දෙස සිට තමුත්තේගම දෙසට ධාවනය වූ කැබ් රථයක් බස් රථය හා භාණ්ඩ පටවමින් සිටි පුද්ගලයින්ගේ ගැටී ඇත.

අනතුරින් තුවාල ලැබූ එම පුද්ගලයින් දෙදෙනා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

වයස අවුරුදු 30ක් වූ ඒරියාගම මල්වානේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ මියගොස් ඇත්තේ.

මෘත ශරීරය තඹුත්තේගම රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරෙන් පසුව කැබ් රථයේ රියැදුරු පලා ගොස් ඇති අතර පසුව ඔහු පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇත.

මෙම සිදු වීම සම්බන්දයෙන් බස් රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇත.