අධිවේගයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට.

Accident
By krishani Feb 15, 2023 07:56 AM GMT
Report

ඊයේ (14) රාත්‍රියේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසල දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්කෂයට පත්ව ඇත.

පින්නදූව දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් නිසා අධික දුමාරයක් පිටවීම හේතුවෙන් ලොරි රථය මාර්ගය අයිනේ නවතා එහි රියදුරු විසින් රථය පරීක්ෂා කරමින් සිට ඇත.

එහිදී කොට්ටාව දෙසටම ධාවනය වූ මෝටර් රථයක් නවතා තිබූ ලොරි රථයේ පිටුපස ගැටී ඇත.

මෝටර් රථයේ රියදුරු, ඔහුගේ පියා, බාප්පා සහ නැන්දා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී පියා සහ බාප්පා මියගොස් ඇත.

අවුරුදු 75ක් හා අවුරුදු 70ක් වූ ප්‍රධාන පාර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් එසේ මිය ගොස් ඇත්තේ.මෘත ශරීර නාගොඩ රෝහලේ තබා ඇත.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join