ත්‍රිරෝද රථය දෙදෙනෙකුට ගෙනා ඛේදවාචකය..

Sri Lanka Accident
By krishani Aug 27, 2022 06:42 AM GMT
Report

පන්නිපිටිය කලල්ගොඩ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පාලනයෙන් ගිලිහී මාර්ගයේ පෙරළීගොස් අනතුරක් සිදුවී තිබුණි.

මංතීරු වෙන්කිරීම සඳහා මාර්ගයේ මැද ඉදිකර ඇති කෙටි බැම්මේ ගැටී ඇති එම ත්‍රීරෝද රථය පෙරළීගොස් නැවත කෙටිදුරක් ධාවනය වී නතරවී තිබුණු අතර එම අවස්ථාවේ දී රියදුරු ත්‍රීරෝද රථයට යටවී ඇති අතර එහි ගමන් ගත් කාන්තාවක් සුළු තුවාල ලබා තිබේ.

පසුව පිරිස එක්වී ඔවුන්ව ඉන් ඉවතට ගෙන ඇති අතර අනතුරෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join