වේගය පාලනය කර ගැනීමට නොහැකි විමෙන් සිදු වූ බස් රථ අනතුර..

Accident
By krishani Aug 15, 2022 07:54 AM GMT
Report

ඊයේ (14) සවස නුවරඑළිය - මහනුවර මාර්ගයේ ලබුකැලේ ඉහළ ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීයාමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව නුවරඑළිය පොලීසිය පවසයි.

නුවරඑළිය සිට ලබුකැලේ දක්වා ධාවනය වෙමින් පැවති පුද්ගලික බස් රථයක් මෙසේ අනතුරට ලක් වූ අතර බස් රථය අනතුරට ලක් වන අවස්ථාවේ දී මගීන් 35ක් පමණ සිට ඇති බව වාර්තා වේ.

බස් රථයේ රියදුරාට වේගය පාලන කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join