හදිසියේ සිදු වූ තවත් බිහිසුණු අනතුරක් සීසීටීවී කැමරාවක සටහන් වූ අයුරු

By Sithumi Mar 26, 2023 04:54 PM GMT
Report

කුරුණෑගල - නුවර මාර්ගයේ ගැට්ටුවාන ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු අනතුරකින් හය හැවිරිදි දරුවෙක් ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා වැන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණු අතර තුවාලකරුවන් මේ වනවිට කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෑන් රථය පැදවූ රියදුරුට නින්ද යාම අනතුරට හේතු වී ඇති බව පොලීසිය පවසනවා තුවාල ලැබූ තිදෙනාම අනතුර වන අවස්ථාවේ ලොරියේ පිටුපස ගමන් කර ඇති අතර වාහන දෙක එකිනෙක ගැටීමත් සමග කුඩා දරුවා ලොරියෙන් පිටතට විසිවී ගොස් මාර්ගයේ ඇද වැටෙන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබුණා.

වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.