සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු රිය අනතුරකින් රෝහල්ගත කරයි..

India Accident
By krishani Dec 30, 2022 05:41 AM GMT
Report

අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් ඉන්දීය කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඔහු නවදිල්ලි බලායන අතරතුර රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති අතර අනතුර සිදුවීමෙන් පසුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇත.

බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට ප්ලාස්ටික් සැත්කමට භාජනය කර ඇති අතර ඔහුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join