රිය අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
By krishani
හංවැල්ල තිත්තපත්තර ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
යතුරු පැදිකරු සහ යතුරු පැදියේ පිටුපස සිටි පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරිමේ දී එක් අයෙක් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා ඇත.
එහිදී එම පුද්ගලයාද ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.ඔවුන් වයස අවුරුදු 27 සහ 28 වයස්වල පසුවන තරුණයින් වන අතර හංවැල්ල සහ වග ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |