බස් දෙකක් එකිනෙක ගැටෙයි - 04ක් රෝහල්ගත කරයි.

Accident
By krishani Feb 17, 2023 12:24 AM GMT
Report

ඊයේ(16) ගිනිගත්හේන - පේරගහමුල්ල ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

එයින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරිනී.

සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join