මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මෝටර් රථයක් එකවරම කඩා පනී.. සියල්ල මවිත කරමින් සිදුවූ සිදුවීම මෙන්න.(CCTV VIDEO)

Accident Department of Motor Vehicles
By Aruna Feb 28, 2024 02:01 AM GMT
Report

වේරහැර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පසුගිය දා කිසිවෙකු නොසිතූ මොහොතක අනතුරක් සිදුව තිබුණා.

ඒ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවා ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් අදාළ ශාලාවේ අසුන් ගෙන සිටිය දී එක්වරම මෝටර් රථයක් ඔවුන් සිටි ශාලාවට කඩාවැදීම හේතුවෙන්.

රියදුරු පුහුණු ආයතනයකට අයත් අදාළ මෝටර් රථය එදින රියදුරු පුහුණු පරීක්ෂණය සඳහා පැමිණි අයෙකු විසින් පදවා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ පුද්ගලයා සමග පුහුණුකරුද මෝටර් රථය තුළ සිට ඇතිබවයි වාර්තා වන්නේ.

එම අනතුර සිදු වන ආකාරය සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.