මාරක රිය අනතුරක් - දරුවෙකු තුවාල ලබයි.. තිදෙනෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Accident
By krishani Apr 05, 2023 03:13 AM GMT
Report

වැල්ලවාය - නුගයාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දරුවෙකු තුවාල ලබා පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.

ඒ වැල්ලවාය - තනමල්විල මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් ය.

එම අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු මියගොස් ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 44 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්, 42 හැවිරිදි ඔහුගේ බිරිඳ හා 70 හැවිරිදි ඔහුගේ පියා මියගිය පිරිස අතර වේ.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් 11 හැවිරිදි දරුවෙකු තුවාල ලබා මොනරාගල  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බනධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join