අත්ට්‍රැක්ටරයක නෑගම් ගිය පිරිසක් අනතුරට ලක් වෙයි - දෙදෙනෙක් ජිවිතක්ෂයට..

Polonnaruwa Accident
By krishani Apr 16, 2023 02:44 AM GMT
Report

ඊයේ (15), පොළොන්නරුව - ඕනෑගම මාර්ගයේ වලේකඩේ මංසන්ධියේ දී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇත.

ඒ කැන්ටර් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් ය.

ඊයේ පස්වරුවේ අත් ට්‍රැක්ටරයෙන් පිරිසක් අවුරුදු නෑගම් යමින් සිටිය දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැන්ටරය එහි ගැටී ඇති අතර කැන්ටර් රථයේ රියදුරු බීමතින් සිට ඇත.

අනතුරින් තුවාල ලැබූ අත්ට්‍රැක්ටරයේ සිටි 9 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන් 46 හැවිරිදි සහ 47 හැවිරිදි වියේ පසුවෙයි.

පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අනෙක් හත්දෙනාගෙන් වයස අවුරුදු 12 ක සහ 14 ක පිරිමි ළමයින් දෙදෙනෙකුගේ තත්වය තරමක් බරපතල බව පොලිසිය පැවසීය.

කැන්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join