බිහිසුණු රිය අනතුරකින් 10ක් රෝහල්ගත කරයි - කුඩා දරුවන් තිදෙනෙකුත් ඒ අතර..

Sri Lanka Police Vesak Full Moon Poya Sri Lanka Accident
By krishani May 07, 2023 04:37 AM GMT
Report

අද (07), පානදුර වලාන ප්‍රදේශ‍යේ සිදු වූ අනතු‍රකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු දස දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර කෙරිණ.

ඒ වෙසක් සිරි නරඹා ආපසු යමින් සිටිය දී ඔවුන් ගමන් කළ කුඩා ලොරි රථය පෙරලී යෑමෙන් ය.

කොළඹ වෙසක් සිරි නරඹා මතුගම බලා යාම සඳහා පානදුර දෙසට පැමිණෙමින් සිටි ලොරි රථය අඩි තිහක් පමණ උස විදුලි කණුවක සහ යකඩ වැටවල් දෙකක ගැටි පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ දසදෙනා පානදුර මූලිකට රෝහලට ඇතුළත් කළ අතර ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

එම අනතුර වන අවස්ථාවේ දී කුඩා ලොරියේ පුද්ගලයන් 17 දෙනකු ගමන් කර ඇත.

මේ අතර, ඊයේ (06) තංගල්ල - පහජ්ජාව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

ඒ සූරියවැව මීගහජදුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක් වන තරුණයෙක් ය.

එම තරුණයා ගමන් කළ යතුරුපැදිය සුනඛයෙකුගේ වැදී යතුරුපැදිය පෙරළී ගොස් බෝක්කුවක වැඳී මෙම අනතුර සිදුව ඇත්තේ.

එයින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු තංගල්ල රෝහලට ඇතුලත් කළ පසු මියගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join