පාසල් සිසුවෙකුට දිවි අහිමි කළ රිය අනතුර.
Sri Lanka
Accident
By krishani
ඊයේ (18), හෙට්ටිපොල, මූණමල්දෙණිය - කටුපොත මාර්ගයේ අංගමුව ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.
ඒ කටුපොත දෙස සිට මූණමල්දෙණිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් පාසල නිම වී පැමිණි එම සිසුවා බසයෙන් බැස පාර මාරුවීමට යාමේ දී කටුපොත දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක ගැටීමෙන් ය.
අනතුරින් තුවාල ලැබූ ඔහු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර 11 හැවිරිදි ඔහු වලව්වත්ත, අනුක්කන්හේන ප්‍රදේශයේ පදිංචි අයෙක් ය.
මේ අතර, අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |